Skip to content

Lyrics

සිංහල
තහනම් හඬන්නට තහනම් තහනම් හෙලන්නට සුසුමන් ඇවිදින් මගේ ළඟ දැවටී යළිත් උණුසුම විඳින්නට තහනම්........ හන්තාන සෙවණේ මුදු සීත ගෙනැවිත් ඔබ මාව සිර කර තබයි හැරදා පලා ගිය යෞවනය ගෙනැවිත් නුඹ මා ළඟින් සතපවයි......... මා නුඹගේමැයි නුඹ මාගේමැයි කොඳුරා සෙමින් තුරුළු වෙයි...... තහනම් හඬන්නට........ මේ සොඳුරු උයනේ කල්ගෙවුණු බෝ තැන් නුඹ කොයිද විමසනු ඇසෙයි දුක් විත්ති අතරින් හසරැලි සුසුම් කඳුළු යළි මතක මල් දම් ගොතයි ගෙවු කාලයේ මිහිරත් අරන් මා ළඟම තනියට හිඳියි........ තහනම් හඬන්නට........

Similar Songs