Skip to content

Lyrics

සිංහල
රන්පොට තෙළඹව මැණිකෙට වරම් ලැබුණ දා අරංගලේ දී මැණිකෙට වරම් ලැබුණ දා මලේ යන්න බැරි මැණිකේ රේණු තැලෙනවා දොලේ යන්න බැරි මැණිකේ දොල බොර වෙනවා ගලේ යන්න බැරි මැණිකේ පතුල රිදෙනවා කවි කියන්න බැරි මැණිකේ උගුර රිදෙනවා හිරුට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා සඳට මුවාවෙන් ඉඳගෙන සළු පොරවනවා ගසට මුවාවෙන් ඉඳගෙන මල් පළදිනවා අපට මුවාවෙන් ඉඳගෙන බුලත් බෙදනවා බත් රස දන්නෝ- වෙල හඳුනන්නෝ කවි රස දන්නෝ - කිවි හඳුනන්නෝ කිරි රස දන්නෝ - මව හඳුනන්නෝ මෙ තුන නොදන්නෝ - මොකට උපන්නෝ

Similar Songs