Skip to content

Lyrics

සිංහල
පියගැටපෙළ නැග මං ගෙට එනවා නුඹෙ නෙතු මා එන මග විමසිල්ලේ පියගැටපෙළ බැස මං ආපසු යනවා නුඹෙ නෙතු තවමත් මා යන මග විමසිල්ලේ අකුරෙන් අකුරට අකුරු කෙරූ දා බාල මෙමට නුඹ රන් හුය වූවේ කවියෙන් කවියට පදවැල් ගොතනා අද නුඹ මට මහ කවි විරිතක් වැන්නේ පියගැටපෙළ නැග මං ගෙට එනවා.... භවයෙන් භවයට තනිවම යන සසරේ නුඹ හැමදාමත් මා පසුපසදෝ අම්මේ නුඹෙ කිරි සුවඳම ඉව කරගෙන මෙලෙසේ මං හැමදාමත් නුඹ ළඟමයි අම්මේ පියගැටපෙළ නැග මං ගෙට එනවා.... (නුඹෙ නෙතු තවමත් මා යන මග විමසිල්ලේ... )

Similar Songs