Kahawan Goyamata Ran Diya
Lyrics
සිංහලකහවන් ගොයමට රන් දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී
මිහිමත වැතිරෙනවා
(විහඟ වලා ගුවන වෙලා…
)
(දුර අහසේ නොපෙනී යනවා…
)
(කවියක් ගීයට හැරුණ කලක් දෝ…
)
ඉපනැලි නළියනවා….
ඉපනැලි නළියනවා….
මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රඟ දෙනවා
එක දෙක දිය රැළි සුළඟට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
(මුතු අමුණා ගී මුමුණා…
)
(දුර වෙරළට රැළි ඇද්දෙනවා…
)
(මින්නේරිය වැව පට සළු ඇඳගෙන…
)
(ඔන්චිලි පැද්දෙනවා…
)
මහසෙන් රජ වැඳ නින්දට යන්නට
පෙරයම සැරසෙනවා
අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට
හිනැහී සැනහෙනවා
(යල වපුරා මහ වපුරා…
)
(ගොයමට දිය රැළි නංවනවා…
)
(මින්නේරිය වැව හෙට හී කවියෙන්…
)
(උදයට ළංවෙනවා…
)
කහවන් ගොයමට රන් දිය……
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )