Skip to content

Lyrics

සිංහල
සිනහවයි කඳුලයි සදා ලෝකයේ බල දෙක මහා සිනාසී හැඬුවත් හඬා සිනා පෑවත් එක තමා.... සුදෝ පොඩ්ඩක් අඬන්න හරිම ආසයි බලන්න ඔයා ලස්සන අඬන විටදී කඳුළු බිඳුවක් හෙලන්න.... ඔයා හෙළු කඳුලැලි අගේ ගලන විට කම්මුල් දිගේ.... දිමුතු මුතු වාගේ පෙනෙන්නේ ලස්සනක් නැහැ ඔය වගේ.... සුදෝ පොඩ්ඩක්..... බොරු කියා ඔබ හැඬෙව්වත් ලපටි හදවත රිදෙව්වත්.... මගේ ආලය මමයි දන්නේ නැහැ වෙනස්කම් සිතින්වත්.... සුදෝ පොඩ්ඩක්..... රත්තරන් අත් දෙක තබා අඬන විට ඔබ ඉකි ගසා..... මගේ ආලය තවත් වැඩිවේ තවත් අඬවමි බොරු කියා... සුදෝ පොඩ්ඩක් අඬන්න හරිම ආසයි බලන්න ඔයා ලස්සන අඬන විටදී කඳුළු බිඳුවක් හෙලන්න....

More by Moris Dahanayaka

View all songs by Moris Dahanayaka →

Similar Songs