Skip to content

Lyrics

සිංහල
මූණු පොතේ තටු අතරේ කාලේ ගෙවනවා සේයා රුවට පෙම් බැඳි අය මට සිටිනවා සමහරු ජීවත් වෙනවා ජීවිත දාලත් යනවා අදට වඩා හෙට යාළුවෝ වැඩි වැඩි වෙනවා යාළුකමට හිටි සමහරු තරහත් වෙනවා මුණු පොතේ සමහරු වත ගොත විමසනවා දුර දිග නොසිතා යනවා සමහරු විනාශ වෙනවා මූණු පොතේ තටු අතරේ කාලේ ගෙවනවා...... මූණු පොතේ සමහරු ගුණදම් පතුරනවා ජීවිත අවබෝධය හොඳ හැටි දෙනවා දුක්බර ප්‍රෙමත් දෙනවා නෙතඟට කඳුළුත් එනවා (ලෝකේ වටේ මිනිත්තුවෙන් අරගෙන යනවා ) සුන්දර තැන් පුදුම හිතෙන දේ පෙන්වනවා නොදැනීම කාලේ ගෙවෙනවා දේවල් අතපසු වෙනවා ලෝකේ වටේ මිනිත්තුවෙන් අරගෙන යනවා..... මූණු පොතේ තටු අතරේ...... උපන්දිනේ කේක් ගෙඩිය බුකියට යනවා සුභ පැතුමන් වරුසාවක් පස්සෙන් එනවා ලයිකුත් ගොඩක් වැටෙනවා තැන්ක් යූ එකක් යවනවා සුභ පැතුමන් වරුසාවක් පස්සෙන් එනවා දන්න කෙනෙක් මැරුණම ෆොටෝ දානවා ඒක දැකපු සමහර අය ලයික් දානවා අනේ පිස්සු හැදෙනවා දැක්කම හිනහත් යනවා එකෙක් මැරිලා වැටෙනවා අනෙකා රෙකෝඩ් කරනවා..... මූණු පොතේ තටු අතරේ......

Similar Songs