Skip to content

Lyrics

සිංහල
සිහිනෙන් නුඹ හමුවෙයිදෝ සබඳේ හමු වී ලෙන්ගතු වෙයිදෝ නුඹ මා ළඟ තනි වෙයිදෝ මේ සිහිනේ හැඟුමෙන් මා සිප ගයිදෝ සියුමැලි ඔබ මගේ වෙයිදෝ මේ සිහිනේ නුඹේ හිත මගේ විතරයිදෝ ළං වෙලා මුළු රැය පුරා නුඹ ඉන්නවා මා ළඟට වී තව තුරුළු වී නුඹ ඉන්නවා මුළු රැයෙහි වෙලී නුඹ ඉන්නවා තව නොදැනී දැනේ නුඹේ උණුහුම පවා....... ඔබ දුර යයිදෝ හැංගී සිහිනේ මා තිනි වෙයිදෝ සිහිනෙන් ඔබ පෑ සෙනෙහේ මා හට හිමි නැති වෙයිදෝ සිත මාගේ කීවා ඔබ එයි කියා සිත සනසා ඔබ මාගේ වීලා හැරදා නොයා සිත රිදවා හිනැහෙන්නට හඬගා කියා සිත නම් කිති කැවුණා එදා....... ආදරේ දැනී ඔබ නම් සිහිනයක් වැනී මා හදවතේ වෙලී හැඟුමන් පාවෙලා ඔහේ සිහිනේම දැන් ඔබයි කියා දැනුණා මා හදේ කොණින් ඔබේ කියා හැඟුණා....... සියුමැලි ඔබ මගේ වෙයිදෝ මේ සිහිනේ නුඹේ හිත මගේ විතරයිදෝ.......

More by Mohan Wickramasooriya

View all songs by Mohan Wickramasooriya →

Similar Songs