Skip to content

Lyrics

සිංහල
වල්ගා තරුවක් අහසේ දැක මා පැතුවා මට සැනසුම දෙන්න කියා පැතුමම ඉටුවී මෙදා ඔබ නොපෙනී යන්න ගියා ඔබ නොපෙනී ගිය නිසා සැනසුම මට ඉතිරි වෙලා....... වල්ගා තරුවක් අහසේ දැක මා පැතුවා මට සැනසුම දෙන්න කියා....... ඇඟට පතට නොදැනී නුඹ මට ගෙනදුන් වේදනා හිතට ගතට උරුම කළා නුඹ නිරයේ වේදනා මනසක් නැති මිනිසෙකු වූ මෙදා සිහිනය විත් බැලුවා මා දිහා නුඹ මට දුන් වේදනා යළි කිසිදා මට එපා අපි ගැලපෙන්නෑ කියා මට දැනුනා හිත තියා....... වල්ගා තරුවක් අහසේ දැක මා පැතුවා මට සැනසුම දෙන්න කියා....... ළයට තුරුළු කරගෙන නුඹ මට ජීවේ රසය කතා පලකට නැති සුළඟක් සේ දැනෙනා මට මෙදා හරයක් නැති මිනිසෙකු වූ මෙදා අඳුර තුළින් ලෝකය බැලූ නිසා නුඹ මට දුන් වේදනා යළි කිසිදා මට එපා අපි ගැලපෙන්නෑ කියා මට දැනුනා හිත තියා....... වල්ගා තරුවක් අහසේ දැක මා පැතුවා මට සැනසුම දෙන්න කියා.......

More by Milin Rupasinghe

View all songs by Milin Rupasinghe →

Similar Songs