Skip to content

Lyrics

සිංහල
හුරතල් විඳින්නී හැඟුමන් හොයන්නී හොරැහින් බලන්නී මා කිති කවන්නී මේ ඇස් දෙකේ ඇයි නැවතුණේ මගේ ජීවිතේ ඔබ වෙලා... උකුලේ හිඳිද්දී ඇහිපිය ගහද්දී උණුසුම හොයද්දී කෝලම් කරද්දී මේ ඇස් දෙකේ ඇයි නැවතුණේ මගේ ජීවිතේ ඔබ වෙලා... දෙනුවන් පියාලා දිව්රා කියාලා පණ වාගේමයි පෑ ආදරේ ඇස් වලින් කී කතා තේරුණේ නම් නෑ රෑ හීන වාගේ සියුමැලිද ආලේ... හුරතල් විඳින්නී හැඟුමන් හොයන්නී උකුලේ හිඳිද්දී ඇහිපිය ගහද්දී මේ ඇස් දෙකේ ඇයි නැවතුණේ මගේ ජීවිතේ ඔබ වෙලා... මහ සාගරේ ගැඹුරුයි වගේ ඒ වාගේමයි මේ මගේ ආදරේ සුන්වෙලා වෙන්වෙලා යන්න නම් වෙන් නෑ සඳ එළිය වාගේ පිවිතුරුයි ආලේ... හුරතල් විඳින්නී..... (මේ ඇස් දෙකේ ඇයි නැවතුණේ මගේ ජීවිතේ ඔබ වෙලා... )

Similar Songs