Skip to content

Lyrics

සිංහල
මගේ සුරතල් පොඩි දුව හොඳ ළමයෙකු වෙනවා එහි සැකයක් නැති බව මට වැටහී යනවා මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා මා මැරු‍ණත් මගේ හිත නැහැ යන්නේ ඇය දමා පාන්දරින් මම යනවිට රැකියාව කරා මිදුලට බැස අත වනනව නොපෙනි යන තුරා පොඩි සපත්තු ඇඳුම් තවද කැවිලි ගේනවා මේවා දීලා මං ඇගේ පොඩි සිත සනසනවා පොඩි සපත්තු ඇඳුම් තවද කැවිලි ගේනවා මේවා දීලා මං ඇගේ පොඩි සිත සනසනවා පොඩි දේකට බැන්නොත් එයා දුකින් හඬනවා එවෙලෙට මට අනුකම්පාවක් ඇතිවෙනවා නාඬන් මගේ දුව කියමින් වඩා ගන්නවා හොඳයි නරක දෙක එයාට වටහා දෙනවා කල්ගත වී පොඩිදුව ලොකු ළමයෙක් වෙනවා දැන් එයාට හොදයි නරක ටිකක් දන්නවා චරිතේ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න දිවි රැකුණත් කිළුටින් පල නැතැයි සිතන්න චරිතේ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න දිවි රැකුණත් කිළුටින් පල නැතැයි සිතන්න මගේ සුරතල් පොඩි දුව හොඳ ළමයෙකු වෙනවා එහි සැකයක් නැති බව මට වැටහී යනවා මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා මා මැරු‍ණත් මගේ හිත නැහැ යන්නේ ඇය දමා

More by Maxwell Mendis

View all songs by Maxwell Mendis →

Similar Songs