Skip to content

Lyrics

සිංහල
පෙම් කල සිත ළඟ කඳුළු තියාලා ඈත් වෙලා දුක වැඩි කරලා සුවඳ පවා නැත රැඳිලා සිහිනේ සැඟවිලා මගෙ හිතට හොරා... නොපෙනී කොහේ සැඟවී ගියේ මා දමා ඔබ යාවිදෝ ජිවිතේ මගේ ජිවිතේ පැතු ආදරේ නැති වීලාදෝ... හැරදා ගියදා තනිකම දැනුනා නෙතු අතරින් මගේ කඳුළු වැටී හීන තියේ හිත ඇතුලේ හිර වී සැබෑ නොවී ඈතටම ඇදී ඔබ දුරස් වෙලා වෙන හිතක් හොයා හැමදේම දමා මැකිලා... නොපෙනී කොහේ... පෙර ලෙසේ රැඳුනා නම් ළඟට වී සිටියා සේ ඔබ මගේම වීලා රැඳිලා දුක දැනේ යලිත් ඔබ දැනීලා හිත තනිකරදා කාටත් නොකියා ඈතටම වෙලා ඔයා... නොපෙනී කොහේ.....

Similar Songs