Skip to content

Lyrics

සිංහල
සීපද හඬට නිදි වරනා සුදු මැණිකේ වැව් තෙර ඉඳන් අත වැනුවා ඇත මතකේ දරට ගිහින් හිඹූටු අරන් ආ මැණිකේ (දුරක ගියේ කොහොමද දීගෙක හනිකේ...... ) වනේ පිපෙන මල් වල දැන් නෑ සුවඳ ගිරා මලිත්තන් එන්නේ නෑ වෙලට කුරා කූඹියෙක් හට නොකළත් වරද (මටම වුණේ ඇයි මේ තරමටම දුක...... ) සීපද හඬට...... අස්වනු මොටද දාහෙන් වැනසුනාදෙන් හේනක් කුමට ඒකත් වන වැදුනාදෙන් මැණිකේ නැතිව තව දවසක් කුමට ඉතින් (මගේ පණ කෙන්ද වැව මැද සැඟවුණාදෙන්....... ) සීපද හඬට.......

Similar Songs