Skip to content

Lyrics

සිංහල
ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී ජය භූමී .... ජය භූමී .... ශ්‍රී ලංකා සිරි දරු හෙළ දිව පුරාතනේ ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ කෝ අනේ අද දිනේ කිම උනේද දරුවනි අහෝ නෑ පෙනෙන්ට කිසි තැනේ කොහි ගියේ ද මා දමා පෙම්බර මා පැටවුනේ පෙම්බර මා පැටවුනේ ලකඹර ජය කෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා කර ශ්‍රි සෞභාග්‍ය ළගා ගියේ ඇයි මා දුකෙහි දා කෝ අනේ .... දන අද දුකඳුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිඳු වී ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී සැහැසි ක්‍රියා නිතර කෙරෙති / දුසිරිතටම ඇදි ඇදී නොඉඳ මෙ මර නින්දේ අද එනු එනු පිබිදී එනු පිබිදී .... එනු පිබිදී ....

Similar Songs