Skip to content

Lyrics

සිංහල
කන්ද කපා සඳ පායනවා අන්ද අඳුර දුර පාවෙනවා සීතල සුළගට බනිමින් දෑකම පටලා ගනිමින් සොඳුර මගේ ලගට ඇදෙනවා සොඳුර මගේ ලගට ඇදෙනවා කන්ද කපා සඳ පායනවා ආදර බර මිහිරි කල්පනා සාගර රළ ලෙස උපද්දනා ඇත නෙලුමක් සුපිපි වතේ මුතු දෙපොටක් මුවෙහි වෙතේ ඇයගෙ සෙවණ මට සුව දෙනවා කන්ද කපා සඳ පායනවා .... ඇගිලි තුඩින් සිරස පිරි මැද මුවග නගා මියුරු වෙන නද ඇගෙ දෙසවන සනසවමින් මම ගීයක් ගයමි හෙමින් ලොවම අපට අමතක වෙනවා කන්ද කපා සඳ පායනවා ....

Similar Songs