Skip to content

Lyrics

සිංහල
කලේ උකුලෙ තියාලා -බුලත් විටක් හපාලා දසන් දෙපළ පෙන්නලා - ටිකිරි සිනාව පාලා මම ඉන්නව දැකලා - අනිත් පැත්ත බලාලා යනවනෙ මහනුවර මැණිකෙලා හිමිදිරියෙන් පිබිදෙන්නේ - ගම්මානේ ඔපවන්නේ කලෙත් අරන් බැස යන්නේ - දිය පුරවාගෙන එන්නේ අහක බලන් ඇයි ළඳුනේ - මුකුළු ලෙසින් හිනැහෙන්නේ අප සමඟින් එන්න අනේ - වැව් රවුමෙයි අපි යන්නේ දර කඩලා වන රොද්දෙන් - එනවිට කළුවර වැටුණේ පහන දවා වැඳල බුදුන් - මැණිකෙල දැන් සුව නින්දේ මැණිකෙල දැන් සුව නින්දේ

Similar Songs