Skip to content

Lyrics

සිංහල
වැලපෙන්න දුක් වෙන්න මට සිදූවුනා ඔබ අයිති කර ගන්න මට බැරිවුනා ළං වෙන්න ළං වෙන්න දුර වැඩිවුනා හිත අස්සෙ ලොකු හිස්තැනක් ඇතිවුනා (පියවෙන්න යනදාක මගෙ ඇස්දෙක ඇවිදින් පොවා යන්න දෝතක් දිය... ) හද නොබල මං බැලුවේ තරුවක් දිහා ඒකත් අනුන්ගේ තෙරුනේ දැන් තමා කිව්වාට ඔක්කෝම හොඳටයි කියා වාවන්න බෑ ලේසියෙන් හිත හදා (පියවෙන්න යනදාක මගෙ ඇස්දෙක ඇවිදින් පොවා යන්න දෝතක් දිය... ) මගෙ ජීවිතේ එකම එක වත්කම ඔබගෙයි මගෙයි තිබුනු හිතවත්කම දුන්දේ යලිත් ගත්ත දෙවියන් හට තාමත් වඳිමි ඔබට වේවා ජය වැලපෙන්න දුක් වෙන්න...... (පියවෙන්න යනදාක මගෙ ඇස්දෙක ඇවිදින් පොවා යන්න දෝතක් දිය... )

Similar Songs