Skip to content

Lyrics

සිංහල
දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම්දෙන හතර අතට කරක කරක හැම නෙතටම රිංගන මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම...... උඩ බාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන පශ්චාත් භාගෙ යාන්තමින් කොට ඇඳුමින් වහගෙන නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න සිත්වෙන තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම..... දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන...... පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුණු පතුරන එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන අනුරාගය තෑගි බෙදන මුව හසරැලි නංවන තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම..... දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන......

More by Kumara Thirimadura

View all songs by Kumara Thirimadura →

Similar Songs