Skip to content

Lyrics

සිංහල
ඔබට පෙම් කළ තරම් දෙනෙත් වෙන් වුණේ ඇයි මගෙන් තවත් වාවන්න බැරි කඳුලේ බරත් තියන් තනිකඩ වෙලා මමත් ඔබ නෑවිත් ඉන්න එපා තනිකම හුරු නොමැති නිසා අද හෙටවත් එයිද ඔයා......... සෙනෙහසේ රැඳි මතක ඇති තැන් ඔබට අමතක වුණත් විගසින් තාම මතකයි මට අද මෙන් ගෙව්ව සොඳුරුම කාලය සතුටින් ඔබ නෑවිත් ඉන්න එපා තනිකම හුරු නොමැති නිසා අද හෙටවත් එයිද ඔයා......... කඳුළු හුරු නැති පාළුව දෙනුවන් බලාගත් අත බලා හිඳ දැන් මාව රිදවා දුර ගියා මෙන් යළිත් එනවද පුරුදු සෙනෙහසින් ඔබ නෑවිත් ඉන්න එපා තනිකම හුරු නොමැති නිසා අද හෙටවත් එයිද ඔයා.........

Similar Songs