Skip to content

Lyrics

සිංහල
කෙලෙසද කිව මැන සිපගත් දෑතට මංගල මල් කලඹක්‌ දෙන්නෙ එදා මගේ පෙම්වතියේ අද ඔබ මනමාලිය වී මගේම මිතුරාගේ කෙලෙසද මම මල් කලඹ අරන් එන්නෙ... (මේ තුරු සෙවණේම හමුවු ඔබ මා මේ සෙවනෙමයි වෙන්වුයේ... ) කිසිදා හමුනොවනට වෙන් වූ අපි කෙලෙසද මේ ලෙස හමුවන්නෙ කෙලෙසද මේ මල් කලඹ ඔබට දෙන්නේ... (මුළු ලොව උරණව සිටිදා අප හට හිටියේ උදව්වට ඔහු පමණයි... ) අද ඔහු අතගෙන පෝරුව මත හිඳ කෙලෙසද මාගෙන් සමුගන්නේ හඬනා සිතකිනි ඔබට සුභ පතන්නේ... කෙලෙසද කිව මැන...

More by Kamal Chithrasena

View all songs by Kamal Chithrasena →

Similar Songs