Skip to content

Lyrics

සිංහල
තුන් සිත දැහැන් ගත වෙනා - සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන - ස්වරයේ සප්ත වර්ණ සිත ළඟ ගයනවද ඔයා තුන් පැය අතර නිම වෙනා - මතකය අතර රැඳවෙනා සිනමා පටයෙ රැඳෙන - සුන්දර සිහින රැඟුම සිත ළඟ රඟනවද ඔයා නෙතඟට කඳුළ ගෙන දෙනා - නරඹන සිත ද හඬවනා දුක්බර ප්‍රේම රැඟුම - සුන්දර පියවි ලොවක රඟන්න කියන්නට එපා තනිකම සිතට කැඳවනා - තනිවම සිතින් වැළපෙනා දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා පෙම්බර වදන් වැල් විනා - දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක - දිවියක සැබෑ ලොවක දුක්බර චරිතයක් එපා සුන්දර අදහසක් තියා - දුක්බර පද වැලක් ලියා සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා

More by Kamal Addararachchi

View all songs by Kamal Addararachchi →

Similar Songs