Skip to content

Lyrics

සිංහල
මීදුම් සේල ඉරා සඳ සාවිය ආවා තරු මල් යාය පුරා පිනි වෑස්සක් හැලුවා මල් පුබුදා සුවඳ පුරා පාර දිගේ සඳ දිය ගැලුවා කෝල සඳවත පේළි තුරුකැට ඈ ළඟින් තියලා කොහේද යහනක දුක් යාළුකර මං හැඬුවා....... නාඹර අහසට සඳකුත් වීලා ලප නැති හඳකට ලස්සන වීලා මතකයි නුඹ මගේ රැජිණිය උන්නා කෝල සඳවත පේළි තුරුකැට ඈ ළඟින් තියලා කොහේද යහනක දුක් යාළුකර මං හැඬුවා....... මත්කළ මීවිත හද ළඟ තියලා මට දුර හඳ ළඟ නුඹ හා බැඳිලා මතකයි නුඹ මට තුරුළුව හිටියා (කෝල සඳවත පේළි තුරුකැට ඈ ළඟින් තියලා කොහේද යහනක දුක් යාළුකර මං හැඬුවා....... )

More by Kafee Sanjeewa Liyanage

View all songs by Kafee Sanjeewa Liyanage →

Similar Songs