Skip to content

Lyrics

සිංහල
(මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා... ) (වෙහෙසීලා දුක් විඳලා කම්මලේ යකඩ තලා...... ) පාන්දරින් නැගිටලා දෙවියන් වැඳ පුදලා දරුවන් මුව සිඹලා ගිනි මැලය දල්වලා යකඩ ගිනියම් කරලා ගොනුට ලාඩම් හදලා ගැලට පණ උපදවලා දවසෙ වැඩ අරඹාලා...... (මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා... ) දඬු අඬුව තදකළා යකඩ ඊට හයි කළා දෑත වාරුව යොදලා පීර කිරි කිරි ගාලා පිහිය හැඩ වැඩ දාලා මුවත පන්නර තියලා හැදුවෙ කම්මලෙ තියලා මාගෙ වරුණෙ පෙන්නලා...... (මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා... ) අඩ ඇණය ඇදවෙලා යකඩ පට්ටම ගෙවිලා බර බාගෙ පෙරළිලා මා ලඟට පැමිණිලා මම වරුණෙ පෙන්නලා කඩි මුඩියෙ වැඩ කළා බර බාගෙ නැගිටලා යළි යෑම අරඹලා...... මුළු ගතම වෙහෙසුනා.......

Similar Songs