Skip to content

Lyrics

සිංහල
මහමෙව්නා උයනේ සිරි මා බෝ සෙවණේ සල් මල් පෙත්තක් දුටුවා හේවිසි හඬ මැද්දේ ඒ ඔබදෝ මෑණියනේ ඔබ මා අතහැර ලොවින් නික්ම ගිය දවස තවම මතකයි පියාණනේ ඔබ හෙළ විරුවන් ගැන කියූ අයුරු මතකයි ලෝවාමහාපායේ පෙරළුණු ගල් අතරේ නිදිකුම්බා මල් පොකුරක් හිනැහේ මා දකිමින් ඒ ඔබදෝ පියාණනේ දින දින මා සෙවණේ පණ ගන්වා උණුසුම මට ගෙනදී කුසගිනි නොතකා මා කුස පුරවා හැදූ නිබඳ පණ දී ඒ මල් පෙති අතරේ සුවඳ දැනෙන අරුමේ තවමත් මිනිසුන් අතරේ රැඳුනා මා ඔබ මෙන් ජීවිතේ රැඳී ඉමි ඒ ඔබදෝ මෑණියනේ ඒ ඔබදෝ පියාණනේ

Similar Songs