Skip to content

Lyrics

සිංහල
[ මදෑ ගම රට අතහැරල කොළඹ නගරෙට ආව, අතන මෙතන රස්තියාදු වෙන්න! ] කුල භේද අගහිඟ හින්දා ඉවසන්න බැරි තැන හින්දා [සැනසීම සොය සොය කොළඹට අපි ආව දුවගෙන පහලට] තිබුනාට ගමරට හුට පට වැටුනාද කබලෙන් ලිපකට [ඇවිදිල්ල දුර සිට කොළඹට පැනපල්ල දැන් අර බේරෙට]... [දෑත වන වනා අපි ආවේ තූත්තුකුඩියේ සිට ආවේ] [පැලවන්වෙන්නට අපි ආවේ කැහැපට ගහගෙන අපි ආවේ] කොළඹ මොකද රත්තරන් තියෙනවද වෙස්සන්තරලා දොර දන් දෙනවද සාක්කු කපමුද කසිප්පු පෙරමුද මාංචු දාගෙන හිරේට වැටෙමුද [මොනවද නැත්තේ කොළඹරටේ ටැක්සියෙ නැගලා යමුද වටේ]... අහස උසට තට්ටු ගෙවල් වීදි දිගේ විදුලි පහන් [විස්කි බ්රැින්ඩි එක්ක වහල් තංගසාල මෝට කාර්]... වේටර්වරු කොණ්ඩෙ බඳින ටසන්ලා ඇඟ වඩවන [සුදු වැල්ලේ අව්ව තපින නිදි කෙල්ලෝ ජෝගි නටන] නොදෝමකින් ආපු ගමන පිස්සු රැලක් එක්ක අමන [ඔන්න ඉතින් කොළඹ නගරෙ මේ සම්පත් කොහෙද උතුරෙ]...

More by Jayasiri Chandrajith

View all songs by Jayasiri Chandrajith →

Similar Songs