Skip to content

Lyrics

සිංහල
(හිරු සඳු පවතින තුරු සදා සිත වෙන් වන්නේ නෑ නැලවුණු හැටි තුරුලේ එදා නෑ හැරයන්නේ සිත දමා.... ) තුරුලු වී මා නැලවුණා මව් සෙනින් ලේ කිරි වුණා දෙනෙත මෙන් මා රැකබලා මවිනි ඔබ මා දැඩි කළා මා ඔබට ණයගැතියි අම්මේ අම්මේ..... හඬන විට මා සිනසමින් සිනහා ගෙන්වූවා වින්ද දුක ඔබ මට නොදී මා සුවෙන් ලංවා මහාමෙර සේ නොසැලෙනා සෙවණැල්ල වී මට සදා යහමගට මා යොමු කළා මව්නි ඔබ සෙවණක් වුණා මා ඔබට ණයගැතියි අම්මේ අම්මේ..... දිනවන්න දුටු සිහිනයන් ඔබ දිරිය දුන්නා ඉගිලෙන්න නිම්තෙර සොයම් පියාපත් දුන්නා මියුරු ගී හඬ මා ලැබූ පැතුමකි ඔබේ ඉටු වුණු මවක් වී මා මතු දිනේ රකිමි ඔබ මෙන් මව් ගුණේ මා ඔබට ණයගැතියි අම්මේ අම්මේ..... හිරු සඳු පවතින....

Similar Songs