Skip to content

Lyrics

සිංහල
(පාළුවේ මා හැරදාලා වෙන් වී සදා බොහෝ දුරක නුඹ පියඹාලා හසරැල් මකා.... ) ඔය මුවේ මුදු සිනා මැවෙනවා හඬ හඬා රැය දිවා ගෙවෙනවා...... මා හදවතේ පෙම් ගී වැල් අතුරලා පෑ ආදරේ සුවඳේ ඇයි පෙන්නලා දුන් ඒ සෙනේ යළි රහසින් උදුරලා ඇයි දුර ගියේ මගේ දෑතින් වෙන්වෙලා උණු කඳුළැල් නුඹේ නමින් ගලනවා ඔබේ හසරැල් මා සදා පතනවා....... පාළුවේ මා හැරදාලා...... රෑ සීතලේ තනි යහනේ වැතිරිලා ඒ මල් සමේ පැතු හීනේ දකිනවා මා හැර ගියත් නුඹ ඔහුගේ සුව සොයා මේ අත් භවේ පැතු පැතුමන් රකිනවා උණු කඳුළැල් නුඹේ නමින් ගලනවා ඔබේ හසරැල් මා සදා පතනවා....... පාළුවේ මා හැරදාලා......

Similar Songs