Skip to content

Lyrics

සිංහල
වශී සුළි ලෑ රෝස කම්මුලේ තැබූ හාදු තිලකේ තියන් කදුළු පුරෝගෙන ඈත බලාගෙන හිඳිනු මැනවි දෑත් බැඳන් ඔබ දමා ගියාට ආයෙත් නොඑනා ගමන් එනවාමයි මං මතු අත්භවයේ ප්‍රථම ප්‍රේමේ අරන් (ප්‍රේමියෙ ප්‍රමිලා අන් සතු සිතට පෙම් කල වරදට දංගෙඩියට යන බව දැන සිටියා මං ඔබ දුටු දිනේ පටං ප්‍රේමියෙ ප්‍රමිලා එනවාමයි මං ආයෙත් සොයන් ප්‍රේමේ නාමෙන්... ) කවි සිත වෙත පෙම් බැඳි අගබිසවුණි බිසෝ කොටුවේ කොටු වී විඳ වූ ගිනි ලැව්ගිනි සේ ලා රතියෙන් අවුලා ප්‍රේමෙන් කලතා මා දමනය කළ ප්‍රේමියෙ ප්‍රමිලා.... ප්‍රේමියෙ ප්‍රමිලා.... ඔබ දමා ගියාට ආයෙත්.... ප්‍රේමියෙ ප්‍රමිලා අන් සතු.... කුමන රුවත් නෑ ඔබවන් රුවැති කුමන සුවත් සුව නෑ ඔබ නොමැතී බමන මතින් මෙන් ඔබටම ගැති වී මරණින් මතුවද ඔබ වෙතම එමී ප්‍රේමියෙ ප්‍රමිලා.... ප්‍රේමියෙ ප්‍රමිලා.... ඔබ දමා ගියාට ආයෙත්.... ප්‍රේමියෙ ප්‍රමිලා අන් සතු....

Similar Songs