Skip to content

Lyrics

සිංහල
මුදු මොලොක් මල් මෙනේ කුස දරා බැතිපෙමින් වේදනා විදිමිනේ අප ලොවට බිහිකෙරූ ලය පුරා සෙනෙහසින් අප දෙදෙන වැඩු පෙමින් මව්තොමෝ කුවේනි යකිනි වෙද මේ කියන යකිනියක ඇඟ රුහිරු කිරි වේද කිසි දිනෙක මෑණියන් මා පෙවූ කිරි දහර රුහිරු විද... මෑණියනි කුවේනි ඔබ කොතැන සැඟවුනෙද එන තුරා ඔබ නැවත අපි බලා සිටිමු මෙහි පියාණන් කී පසුව මාලිගෙන් පිටවන්ට රැගෙන ඔබ අප දෙදෙන වනවැදී අතරමග නෑසියන් දකිමිනේ කෝප දුරුකරමිනේ නැවත එමි දරුවනේ කියා ගිය පසු එදා... නැවත ඔබ එනතුරා අපි සිටිමු මෑණියනි පන් දහස් කල් ගෙවී එන තුරා හෝ නැවත අපි මෙහිම සිටින්නෙමු ඔබ නැතිව නොයන්නෙමු... මෑණියනි විගසකිනි අප රැගෙන යනු මැනවි...

Similar Songs