Skip to content

Lyrics

සිංහල
(යාල යාල යාල යන්න සතුන් බලන්න ඇඟේ පතේ වෙහෙස නිවා විනෝද වන්න පිල් විදහා රඟන මොණර නැටුම් බලන්න සත්තුන්ගේ රජ දහනේ ඇවිද බලන්න).. සත්තුන්ගේ රජ දහනේ ඇවිද බලන්න මුව පැටවුන් අතන මෙතන තණකොළ කනවා හා පැටවුන් බුලින තලා මත දඟලනවා ලාහිරු රැස් පහස වැදී මොණරු රඟනවා මේවා දකින අපේ සිතට සතුට දැනෙනවා වල් ඌරන් වතුර වලක ඉවුර බිඳිනවා අලි දෙන්නෙක් අන්න අතන ගස් පෙරලනවා කුළු මිමෙක් අපව දැකලා හිස ඔසවනවා මහ ගෝනෙක් කන් ඔසවා අපට රවනවා යාල යාල යාල යන්න.... මී කඩන්න වැලහින්නක් ගසට නගිනවා මහ කොටියෙක් ගොදුරක් දැක මාන බලනවා රිලාහාමි එය දැකලා බයේ ගැහෙනවා ඉත්තෑවන් රංචු පිටින් වල් හාරනවා කෑදැත්තෙක් මාළු කන්න විලට බහිනවා සුදු කොක්කුන් පේලි ගැසී අහසෙ නටනවා ගිරා මලිති බටිති රෑන් ගීත ගයනවා අපේ සිතට විනෝදයේ මිහිර ගෙනෙනවා (යාල යාල යාල යන්න).... (සත්තුන්ගේ රජ දහනේ ඇවිද බලන්න)..

Similar Songs