Skip to content

Lyrics

සිංහල
සිහිනෙන්වත් නුඹේ ඔය රුව මට පෙනෙන්නේ නෑ සිහිනෙන් සොයා ආවත් හමුවෙන්නෙම නෑ රැකගන්නට නුඹගේ සෙනෙහස මට ලැබෙන්නෙ නෑ සිත තුල ඇති නුඹගේ මතකය අමතක නම් නෑ අමතක නම් නෑ ඇසිපිය හෙළනා තරමට ආදරෙයි කියා හිස මත දිවුරා කීවත් මගේමැයි කියා හැරයන්නට සිතුවේ නෑ මම සිහිනෙකින් පවා නුඹ ගියෙ ඇයි මා තනිකර වෙන හිතක් සොයා සිහිනෙන්වත් නුඹේ ඔය රුව.... රැකගන්නට සිතුවා සෙනෙහස මහමෙරක් කියා පෙරුමන් පිරුවා නුඹ ගැන අහසටත් වඩා නුඹ මැවූ ඒ සුන්දර ලෝකය මිරිඟුවක් වෙලා යලි එන්නට බෑ ආයෙත් ආදරේ සොයා සිහිනෙන්වත් නුඹේ ඔය රුව....

Similar Songs