Skip to content

Lyrics

සිංහල
රයිගමයානෙනි ගම්පලයානෙනි කම්මැලිකම ගව්වක් පන්නා ලාබ ලබන්නට පාඩු නොවන්නට - වෙළඳාමක් කරමුද දෙන්නා ගම්පලයානෙනි නුවණැත්තානෙනි තමුසෙගෙ මොළයෙ ඇති මොළය සම කෙරුවෝතින් සැක නැත ආයේ - පොල් කිරි හා දෙහි ඇඹුල ඒක නෙවෙයි බන් මේ ටික අහපන් - අහස පාළු වී විනාසලු දෙන්නම එකතුව බියගම පැත්තට - තල්ලු කරමු අපි වළාකුළු ඊට වැඩිය හොද රස්සාවක් ඇත - හුළං නැතිලු හුංගම පැත්තේ හොණ්ඩර දෙක තුන හුළං අරන් යමු - බෝතල වල ගෙන යා යුත්තේ තවත් වැඩක් ඇත කව්රුත් කරේ නැති - දා ගත හැකි නම් පිදුරු දැලේ කුමාරයා සහ බමුණා කියලා - චිත්තරපටියක් හදමු බොලේ

More by Freddy Silva

View all songs by Freddy Silva →

Similar Songs