Skip to content

Lyrics

සිංහල
කතා කරන ඔය ඇස් නිසයි මගේ හද කිති කැවුණේ මල් වැනි සුසිනිඳු කොපුල් නිසයි සිප ගන්නට සිතුණේ නොහැඟේය වරදක්දෝ නුඹට පෙම් බැන්දේ එක හිතකින් දෙදෙනෙකු හට පෙම් කරම්ද කෙලෙසේ ආ.... එක හිතකින් දෙදෙනෙකු හට පෙම් කරම්ද කෙලෙසේ....... පාසැල් වියේ ගම්මානේ මා පෙම් සොඳුරි නිරතුරු සිටියේ ඇය මා ළයට තුරුළු වී එනදා මා සරසවි හිමිදිරි අරුණෝදේ කඳුළැල් මැද දිරි ගත්තෙමි සිනහාවෙන් ඇගේ...... නොසිතූ ලෙස මුණ ගැසුණත් අප සරසවියේ නොපතමි නුඹ පමා වැඩි මා පෙම් කෙළියේ සිය දහසක් සිතුම් පැතුම් පොපියම්න් සිතේ ඇය සිටිනුයේ යළි මා එහි එනකල් විගසේ...... නුඹ වෙතදෝ ඇය වෙතදෝ මසිත පුදන්නේ දෙසිතක් මැද අසරණ වී අද මා මෙලෙසේ ආදරයේ විරහ ගීය ඇසෙනවා රහසේ (සරසවියේද ගමේද මට උරුම ආදරේ...... /)

Similar Songs