Skip to content

Lyrics

සිංහල
රහත් හිමිවරුන් උඩින් වඩිනවා වී පැදුරට හෙවනැල්ල වැටෙනවා සිරිමහ බෝපත් බුදු බණ ලියැවී පාවී යනවා වැව් සුළඟේ මා (කහ මල් පොකුරු වගේ... රන් මැලි සෑ රදුනේ... ) දෑස වසාගත්තා මං මනසින් හොයන්න නිමාවක් මාර සේනා වලකනකාං ඇත්ත හොයාගෙන යනවා මිසිදෙටුවෙකු වෙයිද මං මිසිදෙටුවෙකු නෙමෙ මං ඇත්ත මට වැටහෙනකාං ඇත්ත හොයාගෙන යමි මං බුදුන් දැක නිවන් දකින්න මේ සසරින් දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැණෙකින් සැප රථෙන් ඇවිත් අතහැරීම ගැන දෙසුවෙ බණ අපෙ සාදු නිවං දුර නිසාද මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලං අම්මේ අඩන්නෙ ඇයි මේ පිලිමෙට වැදං අඹපු රෑපෙට දැනේද අම්මගෙ හිතේ දුක දුකෙ හේතුව අපිව ඉපදුව එක නේද සෙත් පතා මා අත බැන්ද පිරිත් නූල දුටුව මස්කඩේ මුදලාලි අතේද ප්‍රාණගාතෙ පවුනං මරැවෙක් ඇයි නූලක් බැදං ආරක්ෂා වෙන්න ඕනෙ ප්‍රාණේ ඒ මරැවගෙන් නේද හිතෙ කහටක් නැත්තං කාටවත් ගිනි දෙන් නැත්තං ඉන්නකං හොදින්නං ඇයි මං යන්නේ පන්සල් ගන්න සිල් ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන මහා විහාරේ මහ සඟ රුවනේ මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ තව කප් දහසක් අප හට පිහිටයි දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන (කහ මල් පොකුරු වගේ... රන් මැලි සෑ රදුනේ... )

Similar Songs