Skip to content

Lyrics

සිංහල
පණටත් වඩා මා පෙම් කළා හැමදේම ඔබයි සිතා සුලඟක් වගේ ඔබ දුර ගියා ලැබුණේ දුකයි සදා ඉක්මන් වෙලා හිත රිදවා වෙන්වී ගියත් ඔයා ළඟදීම යළිත් දුක්වෙන්න වෙයි මාගේ අගේ තේරිලා දුක් වෙන්න වෙයි සෑමදා...... මතකය පුරා සිහිවෙන ඔයා නාඳුනන සේ දමා මේ හිත හදන් මං කොහොමදෝ අද ඉන්නේ හිනැහිලා හැමදා හොඳින් ඉන්නැයි කියා පතනවා මේ හිත ආදරෙන් අළුතෙන් පැතු සෙනෙහස නිසා නපුරක් නොවේවා සදා සුභ පතමි ඈතට වෙලා....... පෙරදා පටන් නොඅඩුව ඔබෙන් මට ලැබුණු පාඩම් නිසා ඔබ මෙන් කෙනෙක් නැවතත් එපා ජීවිතයේ කිසිමදා හැමදා හොඳින් ඉන්නැයි කියා පතනවා මේ හිත ආදරෙන් අළුතෙන් පැතු සෙනෙහස නිසා නපුරක් නොවේවා සදා සුභ පතමි ඈතට වෙලා....... පණටත් වඩා.......

Similar Songs