Skip to content

Lyrics

සිංහල
සංකල්පනා හද සිත්තම් වෙලා රහසින් වගේ හිත හැඟුමන් පුරා දැනුනා දිනෙක හමුවෙයි කියා නොදුටු නෙත් යුග මා සොයනා නෙතු මානයේ නැත ගිනි ගන්නෙ මේ හද සොයන්නේ ඔබෙ රුව විශ්වයේ... විශ්වයේ... එක් නොවූ සිහිනෙක අතරමං වී අපි ගෙවමු භවයෙන් භවේ නොහැර අත් බැඳී වෙන්වී හමුවී කියමු නැවතත් ඔබ මගේ මා ඔබේ සිහිනයේ රැඳුනු සේ නෙතු මානයේ නැත.... සංසාරයේ මේ දුර්ගයේ ඔබ ආවාදැයි මා සොඳුරී සෙනෙහසේ මංපෙතේ පියනගා සිත රිදී නොදුටූ හසරැල් මතකේ නෙතු කැන් සොයමි මා දිවිතුරා මතකයේ ඇති තුරා නෙතු මානයේ නැත....

Similar Songs