Skip to content

Lyrics

සිංහල
සුසුමක් තරම්වත් දුර යන්නෙපා නෙතු මානයේ හැර සැඟවෙන්නෙපා මගේ සිහින රැක ගන්න පණ සේ සදා දිවි ඇති තුරා ආදරෙන් ඉන්න ලංවෙලා (සඳ සේ වෙලා සිත් අහස පුරා සඳ සාවි නුඹයි සදා... ) (නෙතඟින් බලා පෑව හසරැල් සිනා තනිවුනු මගේ සිතට සෙනෙහසදී ඔයා... ) පැතුමන් සිතේ දිවි ඇති තෙක් මගේ සැනසෙන්න විඳගන්න ඔබෙ ආදරෙන් (සඳ සේ වෙලා සිත් අහස පුරා සඳ සාවි නුඹයි සදා... ) (සිහිනෙන් පවා ආදරෙන් ලංවෙලා මගෙ උණුහුමේ නිදන සඳ සාවි ඔයා... ) දෙතොලින් ඔබේ සිප ගනිමි ආදරෙන් සැනසෙන්න විඳගන්න ඔබෙ ආදරෙන් සුසුමක් තරම්වත් දුර යන්නෙපා.... සඳ සේ වෙලා සිත් අහස පුරා සඳ සාවි නුඹයි සදා

Similar Songs