Skip to content

Lyrics

සිංහල
සනසන්න මා පැතුම් පිනවන්න මා හැඟුම් පිලිගන්න මා ආදරේ පිවිතුරුය සදා සදා සැමදා නින්ද නැති මේ රාත්‍රියේ ඔබ ගැන සිතමින් ඉන්නේ ඔබට මා සිත ඇති සෙනෙහේ කෙසේ පවසමිද ප්‍රියේ සීත ගඟුලක් සේ ඔබ සිසිලස දෙන්නේ මහ සයුරක් සේ ඔබ මා හද බැඳගත්තේ මීබිදුවක් සේ මිහිරිය ඔබගෙ සෙනේ එක නෙත් කැල්මෙන් ඔබ මා සිත උමතු කලේ සිහිනයක් සේ ඔබ දුටුවේ සුරලොව මා ඉදිරිය සේ සුන්දරයි මේ ජීවිතේ ඔබ සිටී නම් සදා සැමදා නින්ද නැති මේ ..... ඔබ පමණයි මගෙ හදවත මේ ලෙස සසල කලේ ගලනා සිතුවිලි ලියනා පදවැල් පුබුදු කලේ ඔබ හට පමණයි හදවතින්ම සෙනෙහස පිදුවේ කවදාදෝ මා ඔබගේ තුරුලට ලංවන්නේ සනසන්න මා පැතුම් පිනවන්න මා හැඟුම් පිලිගන්න මා ආදරේ පිවිතුරුය සදා සදා සැමදා

More by Chinthika Ranaweera

View all songs by Chinthika Ranaweera →

Similar Songs