Skip to content

Lyrics

සිංහල
දෙදහස් පන්සිය වසක් රැක්ක උරුමය මානසිකව වහල් සිහලුන්ගේ කරුමය වංසේ ගාන කබල් අඬන ඒ අරුමය සංකර හීන හිස් කබල් වයන වරුණය සින්න වෙන්න යන්නේ රටින් අඩක් චීනෙට යාපනෙ දීපන් කඩලා ඉන්දියාවට විල්පත්තුවත් කපලා ලී මෝලෙට තොපිනේ චන්ද දීලා යැව්වේ උන්ව පාර්ලිමේන්තු වලට සුද්දා යන්න ගියා පෙර හැත්තෑ වසරට තොපි චන්දේ දුන්නා මහ වලව් හතරට අලි පුටු උදලු සහ කුකුල් පොහොට්ටු ඉඳ ගන්න මල්ලී දැන් නැද්ද තෙහෙට්ටු අවුරුදු විසිහතක් හොරගොල්ල වලව්ව දා හතරකට කොල්ලුපිටි වලව්ව දස වසරකට මැද මුලන වලව්ව දා ආයෙත් බෝතලේ වලව්ව උගේ මුගේ කියලා තොපි කල්ලි ගැහිලා සිංහල දෙමළ තම්බි තොපි බෙදිලා කුලල් කකා හිටපන් තොපි දෙවේලෙකට කෙලලා උඹලා වගේ මෝඩ යක්කු වහල් කමින් පිරිලා දෙමලා තමයි තොපේ හතුරා එදා අපිට පෙන්නුවා අද හතුරා තම්බියාලු තොපිව මවලා පෙන්නුවා රට වටේම මුහුද තියන් ලුණුත් රටින් ගෙන්නුවා අවුරුදු හැත්තෑවක් මුන් අපිට කොකා පෙන්නුවා සක්කරවට්ටම් පිරුණු ලෝකයක මල්ලී යන්නන් වාලේ යන්නෙපා ගැහිලා කල්ලි බල්ලොත් මරයි දුන්නොතින් තොපිට සල්ලි හිරෝ වෙන්න වයයි රට වටේම ගිනි ගද්දි.... කවදාදෝ ජීවිතේ වහල්කමින් මිදෙන්නේ කවදාදෝ ජීවිතේ හරි මඟ යන්නේ කවදාදෝ මිනිසුනේ අපි එක් වන්නේ එක ධජයක් යට සොයුරන් සේ..... නිදහස කිව්වේ මේකටද තොපිලා 815වේ ගෙල සින්දා සිහලා උඩරට නිලමේලා එකතු කරලා රට වික්කේ දළදා මාළිගාවේ තොපිලා කඩතුරා ඇරන් බලනු නෙත් පිහලා අද කලු සුද්දෝ රටේ වැහි වැහැලා ධර්මපාල තුමන් කියු ලෙසින් උඹලා අදටත් වහල් සුද්දන්ට කැහැලා සීතල සොහොන් එකුන් තිස්දාහක් වැදු මව් පියන් අඬයි හැමදාමත් චන්දය බලය ලොකුයි තොපි කාටත් හිස් පෙට්ටියට කෙහෙල් කොට දාපන් කෝවිල් ගානේ ගිහින් ඉතින් පොල් ගහපන් මගේ බිස්නස් කඩපු තොපිට හෙන ගහපන් මට කන්ඩ ඇවිත් බඩු ඉතුරු කරපන් පිල් මාරුවට රෙඩි පිට ඉඳපන් උඹලා අපිට යන්න කඅහෙද කෝ ඉස්පිරිතාලයක් ඉගෙන ගන්න දරුවන්ටත් තියේද ඉස්කෝලයක් සිලෝන් ටකරන් යට බස් තියේද එක බස් එකක් එදා වේල කන්න නැතත් දීපන් තව චන්දයක් බල්ලන්ගෙනුත් කොමිස් ගහන තොපිට කොහෙද ජාතියක් වඳින හැරුනු හැරුනු අතට තොපිට කොහෙද ආගමක් එහෙව් රටක් මෙහෙම දුවන එකත් ලොක පුදුමයක් මැරෙන දවස දෙයියෝ දනී යන්න කොහෙද අපායක්.... කවදාදෝ ජීවිතේ වහල්කමින් මිදෙන්නේ කවදාදෝ ජීවිතේ හරි මඟ යන්නේ කවදාදෝ මිනිසුනේ අපි එක් වන්නේ එක ධජයක් යට සොයුරන් සේ.....

Similar Songs