Skip to content

Lyrics

සිංහල
ඔය දෑතින් අල්ලන් මා එදා ගිය මග අද පාළුයි මා ප්‍රියේ ඔය මුවින් පැවසූ ඒ වදන් මා හට අද නෑසේ ඔබේ මුවින් (මා හට නෑසේ ඔබේ මුවින්... ) මා සිතින් සැමදා ඔබ ළඟයි ඔබ ඈතයි ගතින් මා ප්‍රියේ මා සැමදා ඉන්නම් මග බලා ඔබ ඒවිදෝ කියා මා සොයා (ඔබ ඒවීදෝ මා සොයා... ) ඔය සුසුමන් තුළ සිරවී සිටියා මා ආදරෙන් අද කෝ ඒ සුසුමන් ඔබෙ හදේ ඔය නෙත් යුග දෙස බලා පැතු පැතුමන් බොඳ වෙලා ඔය නෙත් අද අඳුරේ සැඟවිලා (මා නෙත් කඳුලින් තෙත් වෙලා... ) මා ලැබූ මේ ජීවිතේ මට මිණි පහනක් වෙලා එළිය කළා එය ඔබේ ආදරෙන් මගෙ දිවියම අඳුරු කළේ ඇයිදෝ මේ නොසිතු ලෙසේ යළි එන්නකෝ පියඹා මා සොයා (මතු සසරේදී මා සොයා.... ) මා සිතින් සැමදා ඔබ ළඟයි ඔබ ඈතයි ගතින් මා ප්‍රියේ මා සැමදා ඉන්නම් මග බලා ඔබ ඒවිදෝ කියා මා සොයා මතු සසරේදී මා සොයා

Similar Songs