Skip to content

Lyrics

සිංහල
ඇහි පිල්ලම් ගැහෙනා තරු ගෙත්තම් මවනා ආකාසේ දියවී නොයන් චායාවේ සැඟවී මා දෑසේ දැවටී සිත් අහස කැළඹු ඇ.... සිහින රූ මාරුතේ සැලි සැලි.... කඳුළු සිතුවම් මවයි තුරුලුවී.... දෑස ගිනියම් කරයි සිතුවිලි.... නුරා නෙතු මැවී මැවී.... රේකාවේ ලියවූ ඒ ආලේ සොඳුරු මායාවේ සිරවී නොයන් මන්දාරම් අඳුරේ හිරු කිරණක් ගොලුවී සඳ සිසිලක් සොයමි මා.... සිහින රූ මාරුතේ සැලි සැලි.... කඳුළු සිතුවම් මවයි තුරුලුවී.... දෑස ගිනියම් කරයි සිතුවිලි.... නුරා නෙතු මැවී මැවී.... සෙනෙහසේ සුව සොයයි ජීවිතේ පාලු සුළගක් හමයි නිම්නයේ අකීකරු දෑස මන්මත් කලේ රූ මාරුතේ.... සේයා මැවේ.... සිහින රූ මාරුතේ සැලි සැලි.... කඳුළු සිතුවම් මවයි තුරුලුවී.... දෑස ගිනියම් කරයි සිතුවිලි.... නුරා නෙතු මැවී මැවී....

More by Chandeepa Jayakody

View all songs by Chandeepa Jayakody →

Similar Songs