Skip to content

Lyrics

සිංහල
සඳ රේණු අතරේ සැඟවීලා මා රිදවයි හද පාරවා අතීතයේ පෙම් සිහින මවා මේ ලොවේ මා තනිවෙලා (කඳුලක් තියා මා ළඟින් ඔයා සැඟවී නොපෙනී දුර යන්න ගියා..... ) නොපෙනෙන මානෙක රුව සඟවා ඔබේ සිනා හඬ මට ඇසුණා ගඟුලක් සේ සුවය ගෙනා ඒ සිසිලස අද මට නැතුවා (කඳුලක් තියා මා ළඟින් ඔයා සැඟවී නොපෙනී දුර යන්න ගියා..... ) දහසක් මල් සුපිපෙන ලෝකේ මට හිමි කුසුමයි මිලින වුණේ සුසුම් පොදක් තුරුළු කරන් සිනාසෙන්න බෑ මේ භවයේ (කඳුලක් තියා මා ළඟින් ඔයා සැඟවී නොපෙනී දුර යන්න ගියා..... ) සඳ රේණු අතරේ.......

More by Chanaka Perera

View all songs by Chanaka Perera →

Similar Songs