Skip to content

Lyrics

සිංහල
රුං රුං හඬ දීලා හොඳම තැනක් බලලා මුංඇට තරමේ මැටි ගුලි ගෙනල්ල එක පිට එක තබලා රන් කුඹලා උළුවස්සේ උඩ අපෙ පුංචි ගෙයක් හැදුවා පොඩි පොඩි කාමර වෙන්කෙරුවා සංතෝසෙන් රුං හඬ දීලා අද හෙට තව තව හැඩ වෙනවා පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවීලා රුං රුං හඬ දීලා හදාපු ගෙය අම්මා දුටුවා කොහු මිටකින් ඇනලා කැඩුවා ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා කුඹලෝ උඹ මෙන් මමත් එදා හැඬුවා රුං රුං හඬ දීලා එහා ගෙදර පොඩි සුමනක්කා එක්කල මම ගේකුත් හැදුවා ඒකත් අම්ම ඇවිත් කැඩුවා ඔයයි මමයි හැදු පුංචි ගෙවල් කැඩුවා රුං රුං හඬ දීලා

Similar Songs