Skip to content

Lyrics

සිංහල
පොඩි කඩේ හිටිය නගේ නුඹට සිත බැඳුනා මගේ මගේ යාලුවෝ නුඹ ගැනමයි නිතර කතා කලේ චාරිකාව නිමා වුණත් නුඹ බලන්න නගේ තෑගි අරන් මම එනවා නුඹ හිටපන් කඩේ අනුරපුරේ පොළොන්නරුව සීගිරි බැලුවට පොඩි කඩේ ළඟම තමයි නගේ සිත බැඳුනේ මට දෙකේ ඇලේ පුංචි මාලු තාම නටනවද පොඩි මල්ලි තවම නුඹේ තනියට කඩේට එනවද සීනි බෝල ටොපි චොකලට් කඩේට හරි හැඩයි කඩිසරවී වැඩ කරද්දී කට පොඩ්ඩක් සැරයි (කොහොම වුණත් එහි තිබුණේ නුඹේ සිරිය තමයි ලිපියට මට පිළිතුරු නැති එක ගැන නම් සැකයි)... එන එන අය බලා හිටියේ නුඹේ හැඩම තමයි ඈත දුරක හිටියත් මම තවම නුඹේ ළඟයි (තරු තනියට අද සඳ නෑ මාසේ පොහොය නිසයි මගේ තනියට කිසිවෙකු නෑ තවම එහෙම තමයි)... පොඩි කඩේ හිටිය නගේ.... අනුරපුරේ පොළොන්නරුව සීගිරි....

Similar Songs