Skip to content

Lyrics

සිංහල
මාලී මා සඳරාණි පෑයූ සඳ ඔයානේ මාගේ බෑනේ යන්න බෑනේ ජීවේ මගේ ඔයානේ සොඳුරු සිහිනෙන් නොයන් හැරදා ප්‍රියාවී දයාවී සතුට මාගේ නුඹ නොමැතිදා අසරණයි මා දයාවී ප්‍රියාවී මාගේම සඳරාණි පෑයූ සඳ ඔයානේ මාගේ බෑනේ යන්න බෑනේ ජීවේ මගේ ඔයානේ....... නුඹේ නාමෙන් පැතූ පැතුමන් දැවී අළු වී ගියා සුළඟින් නුඹෙන් තොර වූ ලොවක් ආයේ සොයන්නට බෑ දෙනෙත් මානේ ප්‍රභාතය වී වඩින් ආයේ ප්‍රියාවී දයාවී සොඳුරු සිහිනේ වසත් සමයේ සුවඳ නුඹගේ දයාවී ප්‍රියාවී මාගේම සඳරාණි පෑයූ සඳ ඔයානේ මාගේ බෑනේ යන්න බෑනේ ජීවේ මගේ ඔයානේ....... කුරුළු මුවගින් ගීත කී ඈ ආයේ නෑසුණත් දැන් මට නොහැඟෙන් සීත මී දුම් ගලන යාමේ අරන් එනවාද මගේ හීනේ ඔබෙන් තොර වූ ලොවක් නැහැනේ ප්‍රියාවී දයාවී නුඹයි ජීවේ නොයන් මාගේ ලොවෙන් වෙන් වී දයාවී ප්‍රියාවී මාගේම සඳරාණි පෑයූ සඳ ඔයානේ මාගේ බෑනේ යන්න බෑනේ ජීවේ මගේ ඔයානේ.......

More by Chamil Wijenayake

View all songs by Chamil Wijenayake →

Similar Songs