Skip to content

Lyrics

සිංහල
ලස්සන නෙළුම් මලක් අරගෙන සඳ දෙස බලනා සිනා පාලා සින්ඳු සිව් පද තැන තැන ඉඳ කියනා තාලෙට හඬලා නුඹේ නෙතු දෙස බලලා අනේ මොකද කරන්නේ තනියෙන් ඔතනටම වෙලා... කිම්ද පාලුවේ මාත් තනිවම රැයේ අනේ මොකද කරන්නේ කියල ඇයි අහන්නේ උදේ ඉදන් නේ කල්පනා කරන්නේ දන්නවද මගෙ නඟේ ඒ නුඹයි නංගියේ අයියෙ මං ගැනම හිතන්නෙ ඇයි ද සිතුවා විහිලුවක්ද කියා ඒත් මට සිතුනා... මඟෙ බොලඳ සිනා දෙස නුඹෙ නෙතු අගින් බලද්දි නුඹේ සිනහව මට වශී කරයි එසේ නුඹ බලද්දි..... ලස්සන නෙළුම් මලක් දෝතින් අරගෙන එන්නම් බිමට වැටෙන කඳුලු අල්ලා නුඹ ලඟින්ම ඉන්නම් සවන් දෙන තරම් මට හැකි බලන් ඉන්න රත්තරනෙ ඔබව සොයන්නට එන්නෙත් මලින් මලට මං නංගියේ නුඹෙන් අහන්නෙ මට ඇත්තට ආදරේයිද මා ගැනත් වරක් සිතන්න මගේ නංගියේ මගේ නෙත් අඳුරු උනා තරහ වී ගිය නිසා නෙතින් කඳුලුද සැලුනා නුඹ ගියෙ ඇයි මට සිතුනා නෙලුම් මලක් පිදූ නිසා ඔබ මට වශී උනා හිතේ තියෙන දුක නිසා ආදරෙ කරන්න හිතුනා ඉන්නෙ සිහින ලෝකෙකද සිතෙයි මට හැම වේලේ ආදරෙයි නුඹට දැන් රුති ලෙස මෙමා නෙලුමක් සේ..... ලස්සන නෙළුම් මලක් දෝතින් අරගෙන එන්නම් බිමට වැටෙන කඳුලු අල්ලා නුඹ ලඟින්ම ඉන්නම් සවන් දෙන තරම් මට හැකි බලන් ඉන්න රත්තරනෙ ඔබව සොයන්නට එන්නෙත් මලින් මලට මං.....

Similar Songs