Sinhala Jaya Geetha Hadata
Lyrics
සිංහලසිංහල ජය ගීත හඬට
සිංහල කොඩි වැල් ලෙලදෙන
සිංහල දෙරණේ සරණ
සිංහල සරණේ....
මූදු වගේ වැව් බැදුණේ
යෝධ විකුම් බල නැඟුණේ
වීර හැඟුම් මල් පිපුණේ
සාර රටක් ලොව මැවුණේ...
ගල් මත බුදු රූ දිලුණේ
මහ මෙත් සිසිලෙන් තෙමුණේ
මහ බෝ හිස දළු සැළුණේ
සදහම් පණිවිඩ ඇසුණේ...
සිංහල ජය ගීත හඬට...
රුදු රුපු තෙද ඔද සිදුණේ
සුරවිරු රණ ගී ගැයුණේ
මව් බිම දියුණට පොරණේ
දහදිය කඳු ගොඩ ගැහුණේ...
සිරි දළදා රැකවරණේ
රන් වැළි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ
යළි උපදිමි මේ දෙරණේ...
සිංහල ජය ගීත හඬට...
More by Athula Somasiri
View all songs by Athula Somasiri →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )