Skip to content

Lyrics

සිංහල
සුසුමක් වාගේ ළඟ ඉන්නම් නෙතු කඳුලැලි ඔබේ පිසලන්නම් ඔය දෑසේ මා තනි වෙන්නම් (සිහිනෙන්වත් ආයේ වෙන් නොවී ඉමු ළඟින්..... ) සිටියත් ඔබ අද දුරස් වෙලා මා සිත තනි කරලා කඳුළු මතක මා රිදවනවා සිත සිර ගත කරලා ළං වෙමු යළි අතීත සැමරුම් සදහට සුන් කරලා මට ජීවත් වන්නට බෑ ඔබ අමතක කරලා...... (සිහිනෙන්වත් ආයේ වෙන් නොවී ඉමු ළඟින්..... ) කෙලෙසද ඔබ මට රිදවා වෙන්වන්නට සිතුවේ තරහක් නෑ කවදා මගේ හදවත පතුලේ ඉන්නකෝ යළි ළං වී හිනැහී සදහට මා තුරුලේ ඔබේ ආදරේ විතරයි කවදත් මා පැතුවේ...... (සිහිනෙන්වත් ආයේ වෙන් නොවී ඉමු ළඟින්..... )

Similar Songs