Skip to content

Lyrics

සිංහල
සංසාරයේ මා හමුවී තියේදෝ දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ... මේ හුදකලාවේ සීතල සැදෑවේ ඔබ හමු වුනේ මා ගං තීරයේදී... මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලීය මා සිනා මැවේ... අද රෑ වුනාවේ හෙට එළි වුනාවේ මිහිරේ යළි හමු වේදෝ... මල් පවා ගැස්සිලා ලංවී බලාවී අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී... සුරංගනාවියක්වදෝ මලින් උපන් ලියක්වදෝ තනිවී කිමදෝ අසමි සමාවී... සුරංගනාවියක් නොවේ මලින් උපන් ලියක් නොවේ සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා.... මේ සංසාරේ රන් රස සේමා පෑහී සැමදා ආදරයේ පෑවා... ඇළේ දොලේ විලේ ජලේ ඉරේ හඳේ ගහේ වැලේ ගැයුනේ අපගේ ප්‍රේම උදානේ ඔබේ නුවන් දිහා බලා කියන්න බෑ අහන්නෙපා, ආල හැඟුම් ඇයි සඟවන්නේ මා... මේ මල් යායේ මල්පෙති ගානේ ලියවේ අපගේ ආදරේ ගීතේ..... සංසාරයේ මා..... මේ මල් තුරුල්ලේ.....

Similar Songs