Skip to content

Lyrics

සිංහල
සිහිලෙහි හැන්දෑවේ රොන් විසිරුනු යායේ ඔබෙ අත සුරතේ තියා ළංවී තුරුලේ මේ හදවත සවනේහි රිද්මේ දැනෙනා සේ තියා රැඳි උණහුම දැනුනාද මගෙ සුසුමේ ඔබ මියැදෙනදාක නවතින්නේ හිත කියනාදේමයි මා පවසන්නේ ඇහුනාද ඒදේ මගෙ හද ගැස්මේ තරු අරන් රෑ සඳ අරන් ගෙනැවිත් පුදන්නට මා දන්නේ නෑ ඇති තරම් සෙනෙහස අරන් ඔය හිත පුරවන්න බැරි නම් නෑ සිහිලෙහි හැන්දෑවේ.... දෙතොලගේ ඇඳි මදහාසේ සැඟවී මැකී යන්න මා දෙන්නේ නෑ නෙතු අගේ ඇති ආදරේ දිව්රා කියන්නට ඕනෙම නෑ සිහිලෙහි හැන්දෑවේ....

Similar Songs