Ragini
Lyrics
සිංහලඔබෙන් උන්මාද වූ දෑසේ සිහින් උන්මත්තකම් වේ
ස්වයං සන්තාප දිය බින්ඳේ යළිත් තනි වෙන්නෙ නෑනේ
ගිමන් නිවුණා වූ රෑ යාමේ
යොවුන් ගිම්හානයේ සේ
ඔබ රාගිනිය වේ.......
(ඇහි පිල්ලම් නොගසන්නම්
ඔය හුස්මන් සිප ගන්නම් නිද්‍රාවේ නිද්‍රාවේ....
)
සිත කුල්මත් වීලා ඔබ තුරුලේ මා
දෑතින් අල්ලා එක පිම්මෙන් සිප ගත්තා
පොපියා හැඟුමන් නලියා කැලුමන්
ඉවසුම් බිඳිමින් එක පිම්මෙන් සිප ගත්
පහසේ පහසේ ඇයි මේ රහසේ රහසේ
කොඳුරා මුමුණා මුමුණන්නේ මත් වීදෝ
මුමුණන්නේ මත් වී....
ඔබෙන් උන්මාද වූ දෑසේ.....
පිරිපුන් ඔබේ ඔය ළය මඬලේ ගැස්සෙයි
මුහුදේ රැලි වාගේ කිමිදෙන්නට ආසයි කෙල්ලේ
ඔබේ දෙතොලේ නුහුරු පහස විඳ
මගේ කිරි සයුරේ නුඹ දිය කිඳුරිය
මීවදයකි මම පැණි බේරෙනා
එය උරනා රැජිණද ඔබ මා
මල තැලුවට නෑ රොන් එන්නේ
කියපන් ඇයි මට නො පැවසූයේ
ළිං කට අග පොඩියට තිබුණට
අලි ඇත්තුත් එහි පීනලා ඇත්තේ....
සංසිඳුවේ වරු ගණනින් ඔබමයි ඒ සුරලී
නිල් වරලේ රැලි ගැස්සෙන්නේ
මිහිඳුම් සේලය වගේ සිඳුනේ සළු අතරින්....
ඔබෙන් උන්මාද වූ දෑසේ.....
More by Achintha Mihirani
View all songs by Achintha Mihirani →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ.... )